'රුහුණු නිල් මහ සටන' වසර 55කට පසු ශා. සර්වේශස් විද්‍යාලය ජයගනී
March 22, 2026 02:26 pm
මාතර ශාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5කින් පරාජය කර 126වන වරට පැවති 'රුහුණු නිල් මහ සටන' මහා ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය අද (22) සමත් විය.
ශාන්ත සර්වේශස් විද්‍යාලය මෙලෙස පූර්ණ ජයක් හිමිකරගත්තේ වසර 55කට පසුව වීම සුවිශේෂීය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 158ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ශා. සර්වේශස් විද්‍යාලය ලකුණු 118ක් රැස්කළේය.
අනතුරුව ලකුණු 40ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ශා. තෝමස් විද්‍යාලයට එවරට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137ක් පමණි.
ඒ අනුව ශා. සර්වේශස් විද්‍යාලයට ලකුණු 177ක ඉලක්කයක් හිමිවූ අතර, ඊට පිළිතුරු ලෙස ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස්කර තරගයේ ජය තහවුරු කරගත්තේය.
